හෙට පැය 3ක් විදුලිය කැපෙන කාලසටහන මෙන්න..

Picture of අසංක

අසංක

හෙට (01) දිනයේ දී මුළු දිවයිනටම විදුලිය විසන්ධි කිරීම පැය 3 කට සීමා කළ බව මහජන උපයෝගීතා කොමිසම නිවේදනය කරයි.

රාත්‍රී කාලයේ දී විදුලි ඉල්ලුම වැඩි වුවහොත් තවත් මිනිත්තු 30 සැළසුම් නොකළ විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බව කොමිසම සදහන් කරයි.

මහජන උපයෝගීතා කොමිසම නිවේදනය කරන පරිදි හෙට දිනයේ දී A කලාපය මෙන්ම P, Q, R කලාප සදහා පෙරවරු 8.30 සිට 11.30 දක්වා විදුලි කප්පාදුව සිදුකෙරේ.

පෙරවරු 11.30 සිට පස්වරු 2.30 දක්වා විදුලි කප්පාදුව සිදුකෙරෙන්නේ B, S, T කලාප සදහායි.

C කලාපය මෙන්ම U, V, W කලාප සදහා පස්වරු 2.30 සිට 5.30 දක්වා විදුලි කප්පාදුව සිදුකෙරේ.

සවස 6 සිට රාත්‍රී 10 දක්වා කාලය තුළ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස කොමිසම මහජනතාවගෙන් ඉල්ලා සිටි.