නවතම පුවත්

කොවිඩ් සීමා ලිහිල් කෙරේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොවිඩ් -19 වසංගතය පාලනය කිරීම සඳහා ක්‍රියාත්මක සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව යාවත්කාලින කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර ඇත .

ඒ අනුව මෙතෙක් කොවිඩ් වසංගත ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබාදී තිබු අංශ ගණනාවක යම් ලිහිල් කිරීමක් සිදුකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පියවර ගෙන ඇත.

ආපන ශාලා, සාප්පු සංකීර්ණ, වෙළෙඳසැල්, මුල්‍ය ආයතන, උසස් අධ්‍යාපන ආයතන, සිනමා ශාලාවන්, ශරීර සුවතා මධ්‍යස්ථාන, ක්‍රීඩා, අවමංගල්‍ය උත්සව, උපකාරක පන්ති, විභාග පැවැත්වීම් සහ කර්මාන්ත ශාලා ආදිය පවත්වාගෙන යාමේදී මේ දක්වා පනවා තිබු සීමා ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පියවර ගෙන ඇත.

ඒ අනුව ඉහත ක්‍රියාකාරකම් වලදී නිසි සෞඛ්‍ය පුරුදු ක්‍රියා මාර්ග වලට අනුගත වෙමින් ජනතාව වැඩ කටයුතු කරගෙන යාමට වගබලා ගත යුතු වන බවයි නව මාර්ගෝපදේශ මාලාවේ සඳහන් වන්නේ.

සති පොලවල් ඇතුළු විවෘත වෙළෙඳාම් සහ ජංගම වෙළෙඳාම් කටයුතු සිදුකිරීමේදී ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් විසින් ලබාදෙන උපදෙස් වලට අනුගතව කටයුතු කළ යුතුයි.

විවාහ මංගල උත්සව සඳහා අදාළ උත්සව ශාලාවේ ප්‍රමාණයෙන් සීයයට 75ක ප්‍රමාණයකට සහභාගිවීමට අවසර ලබාදී ඇත. එමෙන්ම පෞද්ගලික ඒකාරාශි කිරීම්, සම්මන්ත්‍රණ සහ වෙළෙඳ ප්‍රදර්ශණ ආදී කටයුතු සඳහා ද එකවර කැඳවීමට අවසර ලබාදී ඇත්තේ 75%ක පිරිසකටය.

නව  සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව පහතින් දැක්වේ.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි