රටේ ආර්ථිකය ගැන වැරදි තීන්දු ගන්නවාදැයි සොයන්න පාර්ලිමේන්තුවේ විශේෂ කණ්ඩායමක්

Picture of අසංක

අසංක

රටේ ආර්ථිකය සම්බන්ධයෙන් තීරණ ගැනීමේ ක්‍රියාවලිය සොයා බැලීම සඳහා තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස පාර්ලිමේන්තුවට නිර්දේශ කිරීමට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) විශේෂ තීරණයක් ගෙන තිබේ.

කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය චරිත හේරත් මහතා පවසා ඇත්තේ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් තීරණ ගැනීමේ ක්‍රියාවලියට අදාළ අංශ කිහිපයක් සොයා බැලීම තේරීම් කාරක සභාවට පැවරෙන බවයි.

වැරදි තීරණ ගැනීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) වෙත ළඟා වීමේ ප්‍රමාදය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ දැනට පවතින සාකච්ඡා සහ විදේශ විනිමය අර්බුදය වැනි දේ මෙයට ඇතුළත් කිරීමට එහිදී සාකච්ඡා කර තිබේ.

එම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පත් කරන ලෙස කථානායකවරයාගෙන් සහ පාර්ලිමේන්තුවෙන් විශේෂ ඉල්ලීමක් කිරීමට ද අද පැවති කෝප් කමිටු රැස්වීමේදී තීරණය කර ඇත.