නවතම පුවත්

පුනර්ජනනීය බලශක්ති ක්‍ෂේත්‍රය, ප්‍රවර්ධනයට සැලසුම් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ජාතික විදුලිබල පද්ධතියට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගේ ඉහළ දායකත්වයක් එක්කර ගැනීමට සහාය වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් ඉල්ලා සිටි

සමස්ත විදුලි ඉල්ලුමෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති උත්පාදනයෙන් ලබාගැනීම රජයේ ඉලක්කය වී තිබේ. මේ වන විටත් මෙගා වොට් 700කට ආසන්න විදුලි ධාරිතාවක් සූර්ය බලශක්තියෙන් ජනනය කිරීමේ හැකියාව පවතී. එහෙත් විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරුන්ගේ විරුද්ධත්වය හේතුවෙන් එය ඉටුකර ගැනීමට නොහැකි වී ඇති බව ජනතා මතයයි. එය නිවැරදි කරමින් පවතින විදුලි අර්බුදය විසඳීමට ප්‍රායෝගිකව දායක විය හැකි බව ජනාධිපතිතුමා සඳහන් කළේ.

පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් විදුලිබල උත්පාදනයට දායක කරගැනීමේ දී පවතින ගැටලු පිළිබඳ සොයා බැලීමට ඊයේ (26) පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව සඳහන් කර සිටියේය .

තාප බලයෙන් විදුලි උත්පාදනයට මසකට ඩොලර් මිලියන 100කට අධික මුදලක් වැය වන බවත්, ඒ අනුව පවතින මිල ගණන් යටතේ තවදුරටත් විදුලිය සැපයීම දුෂ්කර කාර්යයක් බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පෙන්වා දී සිටියේ.

සූර්ය බලශක්තියෙන් විදුලි උත්පාදනය, ලොව බොහෝ රටවල ප්‍රධාන උපායමාර්ගය වී තිබේ. එය අනුගමනය කරමින් පවතින විදුලි අර්බුදයට කඩිනම් විසඳුමක් ලෙස වහල මත සවිකරන සූර්ය පැනල පද්ධති යොදාගැනීම සිදු විය යුතු බව ජනාධිපතිතුමා කියා සිටියේ.

ප්‍රධාන විදුලිබල පද්ධතියේ දැනට පවතින ධාරිතාව මත මෙගා වොට් දහසකට ආසන්න නව විදුලි උත්පාදනයක් එක්කර ගත හැකි බව විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී (සම්ප්‍රේෂණ) පී.ඩබ්. හෙන්දහේවා පෙන්වා දෙනු ලැබුවා.

ඛනිජ තෙල් යොදාගනිමින් විදුලි ඒකකයක් නිෂ්පාදනයට රුපියල් සියයකට සහ ගල් අඟුරු යොදා ගනිමින් විදුලි ඒකකයක් නිෂ්පාදනයට රුපියල් පනහකට අධික පිරිවැයක් දැරීමට සිදු වේ. ඒ වෙනුවට පුනර්ජනනීය බලශක්තිය යොදා ගැනීමෙන් ඩොලර් බිලියන 300කට අධික මුදලක් වාර්ෂිකව ඉතිරි කරගත හැකි බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ සඳහන් කළේ.

සූර්ය බලශක්තියෙන් විදුලි උත්පාදනය සඳහා පාසල්, රෝහල් ඇතුළු රජයේ ගොඩනැඟිලිවල වහල ප්‍රයෝජනයට ගැනීමෙන් විශාල භූමි ප්‍රමාණයක් ඉතිරි කරගත හැකි බවයි පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මෙහිදී සඳහන් කර සිටියේ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා