නවතම පුවත්

ඉන්දියාව හා ජපානය ශ්‍රී ලංකාවේ සහයට !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මේ වනවිට උද්ගතවී ඇති අර්බුදකාරි අවස්ථාවෙන් ශ්‍රී ලංකාව ගොඩ ගැනීම සඳහා එක්ව ආධාර ලබාදීමට ජපානය හා ඉන්දියාව එකඟතාව පළකර ඇත ඒ, කෝඩ් සමුළුවට සමගාමීව ටෝකියෝ නුවර දී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිශිඩා අතර පැවති සාකච්ඡාවේදීයි.

ඇමෙරිකාව, ඉන්දියාව, ජපානය සහ ඔස්ට්‍රේලියාව යන රටවල ප්‍රමුඛත්වයෙන් ශ්‍රී ලංකාවට විදේශ ආධාර දෙන රටවල එකතුවක් බිහි කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ යෝජනාව ද මෙම රටවල් පිළිගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ඉන්දීය අගමැතිවරයා චෙන්නායි හි පැවති උත්සවයකට සහභාගී වෙමින් පැවසුවේ දුෂ්කර කාලයක් පසු කරමින් සිටින ශ්‍රී ලංකාවට ලබාදිය හැකි සෑම සහයෝගයක්ම ලබාදෙන බවයි. සමීප මිතුරෙකු සහ අසල්වැසියෙකු ලෙස ශ්‍රී ලංකාවට මූල්‍ය ආධාර, ආහාර, ඖෂධ සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සපයන බව ඔහු පවසා තිබෙනවා.

මේ අතර බලශක්ති අර්බුදයෙන් මිදීම සදහා ශ්‍රී ලංකාව කළ ඉල්ලීම පිළිබදව ගතහැකි ක්‍රියාමාර්ග ගැන සලකා බලමින් සිටින බව රුසියානු විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇති බවටද අද වාර්තා පළ වුණා.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා