නවතම පුවත්

අරගලයේ දින 50 සපුරන විරෝධයට කොළඹ මාර්ග කිහිපයක් තහනම්

අසංක

අසංක

ගාලුමුවදොර ‘ගෝඨාගෝගම’ අරගලයට අද (28) දින 50ක් පිරීම නිමිත්තෙන් පැවැත්වීමට නියමිත විරෝධතාවට කොළඹ කොටුව ප්‍රදේශයේ මාර්ග කිහිපයකට ඇතුළු වීම වළක්වාලමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් තහනම් ආඥාවක් නිකුත් කර තිබේ.

මෙම නියෝගයට අනුව, කොළඹ එන් ඒ එස් වටරවුමේ සිට චෛත්‍ය පාර දක්වා කොටස, එන් ඒ එස් වටරවුමේ සිට ජනාධිපති මාවත දක්වා කොටස, සෙරමික් හන්දියේ සිට යෝක් විදීය, යෝක් වීදියේ සිට ලේඩි බැස්ටියන් මාවත දක්වා කොටස, මුදලිගේ මාවත, රෝයල් වීදිය, බැංකු මාවත, බාරොන් ජයතිලක මාවත සහ චැතැම් වීදිය යන ස්ථානවලට ඇතුළු වීම, ගමන් කිරීම, විරෝධතා පැවැත්වීම, ගැවසීම පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම යනාදිය තහනම් කර ඇත.

මෙම උද්ඝෝෂණය හේතුවෙන් මහජන පීඩාවක් ඇතිවිය හැකි බවට තොරතුරු හෙළිවී ඇති බැවින් මෙම ආඥාව නිකුත් කරන ලෙසට කොළඹ කොටුව පොලීසිය ඊයේ අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් මහේස්ත්‍රාතවරයා මෙම නියෝගය කළේය.

කොළඹ නගරයේ පිහිටා ඇති මහ බැංකුව, බැංකු මූලස්ථාන, ලෝක වෙළෙද මධ්‍යස්ථානය, වරාය, වරාය නගරය, ශ්‍රී ලංකා රේගුව, මුදල් අමාත්‍යාංශය, පොලිස් මූලස්ථානය වැනි ආර්ථික හා ආරක්ෂක මර්මස්ථාන විශාල සංඛ්‍යාවක් පිහිටා ඇත.

එම ස්ථානවලට ලක්ෂයකට අධික ජනතාවක් දිනපතා සේවයට පැමිණේ.

ඒ අනුව, මෙම උද්ඝෝෂණය හේතුවෙන් මහජනතාවට සිය දෛනික රාජකාරි සිදුකර ගැනීමට අපහසුතා මතුවී එමගින් දෛනික ජන ජීවිතය අඩාලවිය හැකි බව කොටුව පොලීසිය අධිකරණයට වැඩිදුරටත් දැනුම් දුනි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්