නවතම පුවත්

ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තශාලා, රට හැරයන පුවත බොරු-  JAAF

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තශාලා කිහිපයක් මෙරට හැරයාමට සූදානම් වන බවට පලවන වාර්තා අසත්‍ය බව ශ්‍රී ලංකා ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය පවසයි .

ඇඟලුම් නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍ය සපයාගැනීම සම්භන්ධයෙන්ද මෙතෙක් බරපතල ගැටලු මතුවී නොමැති බව සංසදය පවසයි .

. තවද, භාණ්ඩ පැටවීම හෝ බෑම කිසිදු ප්‍රමාදයකින් තොරව සිදු කෙරෙන අතර වරායේ මෙහෙයුම් කටයුතු සුමටව සිදුවන බවද ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ මහලේකම් ජොහාන් ලෝරන්ස් මහතා මාධ්‍ය වෙත පැවසීය .

මෙහිදී වැඩිදුරටත් මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය ,

“මේ වන විට කර්මාන්තශාලාවලට අමුද්‍රව්‍ය සඳහා බාධාවකින් තොරව ප්‍රවේශ වෙමින් ඇත. අප්‍රේල් මාසයේ සිට අපනයනකරුවන්ට ලංකා ඛණිජ තෙල් සංස්ථාවෙන් (CEYPETCO) සහ ලංකා IOC වෙතින් සෘජුවම අමෙරිකානු ඩොලර් වලින් ඉන්ධන මිලදී ගැනීමට අවසර දී ඇත. මෙමගින් ඇඟලුම් කම්හල්වලට විදුලිය විසන්ධි වීමෙන් සිදුවන අනවශ්‍ය බාධා වළක්වා ගැනීමට හැකි වී තිබේ,”

“ඉන්ධන බෙදා හැරීම සම්බන්ධයෙන්, ඇඳිරි නීතිය පවතින කාලසීමාවේ සුළු ප්‍රමාදයන් ඇති වූ අතර, ඇඟළුම් නිෂ්පාදකයින් වෙත ඩීසල් තොග වශයෙන් බෙදා හැරීම නැවත ආරම්භ කර ඇත. ඇඟළුම් අපනයන සමාගම් නිශ්චිත ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන ලබා ගැනීම සඳහා ප්‍රමුඛතා සේවා ලැයිස්තුවකට අනුව සිදුවෙයි.”

“භාණ්ඩ පැටවීම හෝ බෑම ප්‍රමාදයකින් තොරව වරාය මෙහෙයුම් ද සුමටව ක්‍රියාත්මක වේ.එවැනි ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමත් සමඟ කර්මාන්තයට වර්තමාන ඉන්ධන හිඟය මධ්‍යයේ සිය දෛනික කටයුතු කරගෙන යා හැකිය”

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා