නවතම පුවත්

රනිල්ට බොරිස් දුන් පොරොන්දුව .

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

අපනයන මූලික කරගත් ආර්ථිකයක් ගොඩනැඟීම සඳහා ශ්‍රී ලංකාවට සහයෝගය ලබා දෙන බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පවසා තිබේ.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ දුරකථන සංවාදයක් අද (30) පස්වරුවේ සිදු කෙරිණු අතර එහිදී බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මේ ප්‍රතිඥාව ලබාදී ඇත.

ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී සිටින ආර්ථික අර්බුදය පිළිබඳව රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාට දීර්ඝ කරුණු පැහැදිලි කිරීමක් ද මෙම දුරකථන සංවාදයේ දී කර තිබේ.

එහිදී බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා රනිල් වික්‍රමසිංහ මහතාට පවසා ඇත්තේ ශ්‍රී ලංකාවෙි අපනයන මූලික කරගත් ආර්ථිකයක් බිහි කිරීම සඳහා බ්‍රිතාන්‍යයේ සහයෝගය ලබාදෙන බවයි.රනිල් වික්‍රමසිංහ මහතා 6 වන වරටත් අග්‍රාමාත්‍ය ධුරයෙහි දිවුරුම් දීම සම්බන්ධයෙන් මෙහිදී බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා සුභ පැතුම් පළ කර ඇත.

samitha
සමිත දුලාන්ගෙන් ලෝක වාර්තාවක්
inflation
උද්ධමනය ඉහළ ගිහින්
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !