රට තුල උද්ගතව ඇති අර්බුදකාරී වාතාවරණය හමුවේ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සියලුම අධ්‍යයන කටයුතු සහ විභාග තාවකාලිකව අවලංගු කිරිමට සහ ශිෂ්‍ය නේවාසිකාගාර වසා දැමීමට එහි බලධාරීන් පියවර ගෙන ඇත .
නිවේදනයක් නිකුත් කරමින් පේරාදෙණිය සරසවියේ උපකුලපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ශිෂ්‍ය නේවාසිකාගාරවල සිටින සිසු සිසුවියන් වහාම ඉන් පිටව යෑමට පියවර ගත යුතු බවයි.
