ශ‍්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්

Picture of අසංක

අසංක

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවති තුන්වන එක්දින ජාත්‍යන්තර තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 06ක ජයග්‍රහණයක් අත්කර ගැනිමට සමත් වෙයි.

තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 291ක් ලබා ගත්තේය.

ඊට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 48.3 දී කඩුලු 04ත් දැවී එම ඉලක්කය පසු කරමින් ජයග්‍රහණය වාර්තා කළේය.

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩාකළ පැතුම් නිශ්ශංක ලකුණු 137 ක් ලබා ගත් අතර කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 87ක් ලබා ගන්නා ලදී.

මෙම ජයග‍්‍රහණයත් සමග තරගාවලිය 2-1ක් ලෙස ශ‍්‍රි ලංකාව ඉදිරියෙන් සිටී.