නවතම පුවත්

තඹුත්තේතේගම කොල්ලයට අනුබල දුන්නැයි අත්අඩංගුවට ගත් මන්ත්‍රී පක්ෂෙන් පන්නයි

අසංක

අසංක

තඹුත්තේගම ප්‍රදේශයේදී පසුගීයදා සිදුවූ කෝටි දෙකකට අධික මුදල් මංකොල්ලයට සම්බන්ධ බවට අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රාජාංගනය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ පක්‍ෂ සාමාජිකත්වය අත්හිටුවන බව එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

එම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියෙන් වාර්තාවක් ද ඉල්ලා ඇති බව ද හෙතම අද (28) කීය.

ව්‍යාපාරිකයකු විසින් බැංකුවක් වෙත රුපියල් දෙකෝටියකට අධික මුදලක් තැන්පත් කිරීමට ගිය අවස්ථාවේදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු විසින් එම මුදල් මංකොල්ලයට කරන ලද තැත පොලිස් නිලධාරියකුගේ ක්ෂණික මෙහෙයුමක් මත ව්‍යර්ථ වී ගීයේය.

කොල්ලකෑමට පැමිණි කොල්ලකරුවන්ට යතුරුපැදිය ලබා දී ඇත්තේ මන්ත්‍රීවරයා විසින් බවට අනාවරණය වීමත් සමඟ මුදල් මංකොල්ලයට ආධාර අනුබල දීම ගැන එල්ල වූ චෝදනා නිසා මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්