රාජ්‍ය නිලධාරීන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව 2023 ජනවාරි මස 1 වනදා සිට එය ක්‍රියාත්මක වේ.
පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද 2022 අතුරු අයවැය මගින් යෝජිත රජයේ ආයතනවල සේවය කරන නිලධාරීන් අනිවාර්යයෙන්ම විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා සංශෝධනය කර ඇත.
ඒ සඳහා වන විධිවිධාන පනවමින් අදාළ චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.