නවතම පුවත්

දේශීය කිරිපිටි මිල නගී – සිමෙන්ති බහී

අසංක

අසංක

දේශීය කිරිපිටි මිල ඉහළ දැමීමට කිරිපිටි නිෂ්පාදකයින් තීරණය කර තිබේ.

ග්‍රෑම් 400ක දේශීය කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 100කින් ඉහළ දැමෙන අතර නව මිල වන්නේ රුපියල් 950කි.

කිලෝග්‍රෑම් 01 සහිත කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 230 කින් ඉහළ දැමෙන අතර එහි නව මිල රුපියල් 2350 කි.

මේ අතර සංස්ථා සිමෙන්ති සහ මහවැලි සමුද්‍රීය සිමෙන්ති වෙළඳනාම සහිත INSEE සිමෙන්ති සිය නිෂ්පාදනවල මිල පහත දැමීමට තීරණය කර තිබේ.

මිල අඩු කිරීම අද (ඔක් 04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වේ.

ඒ අනුව INSEE සංස්ථා සහ INSEE මහවැලි මැරයින් ප්ලස් සිමෙන්ති කිලෝග්‍රෑම් 50 බෑගයක මිල රුපියල් 100කින් අඩු කරන බව එම සමාගම කියයි.

ඉදිකිරීම් ක්ෂේත්‍රයට සහය දැක්වීම සඳහා මෙම තීරණය ගත් බව සමාගම පවසයි.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි