නවතම පුවත්

උතුරු කොරියාව සමග ඇමෙරිකාව , ජපානය දකුණු කොරියාව එකට ගැටේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ජපානයට එල්ල කරන බලපෑම් සඳහා එකටඑක කිරීමක් ලෙස අමෙරිකාව සහ දකුණු කොරියාව, උතුරු කොරියාව වෙත ප්‍රතිචාර දක්වමින් සිටිනවා.

ඒ මිසයිල ප්‍රහාර එල්ල කරමින්. ඒ අනුව අමෙරිකාව සහ දකුණු කොරියාව එක්ව ජපාන මුහුදු සීමාවට මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

උතුරු කොරියාව ඊයේ බැලැස්ටික් මිසයිල අත්හදා බැලීමක නිරත වූ අතර එලෙස එල්ල කළ බැලැස්ටික් මිසයිලයක් ගමන් කර තිබුණේ ජපානයට ඉහළින්. වසර 05 කට පසුව උතුරු කොරියාවේ මිසයිලයක් ජපානයට ඉහළින් ගමන් කළ පළමු අවස්ථාව ද එය වුණා.

කෙසේවෙතත් මෙම සිද්ධිකය පදනම් කර ගනිමින් කොරියානු අර්ධද්වීපය තුළ යළිත් මතභේදාත්මක තත්ත්වයක් වර්ධනය වෙමින් ඇති බවයි ජාත්‍යන්තර විචාරකයින් පවසන්නේ. ඊට හේතුවී ඇත්තේ ජපානය වෙනුවෙන් අමෙරිකාව සහ දකුණු කොරියාව නැගී සිටීමයි.

ඒ අනුව අමෙරිකාව සහ දකුණු කොරියාව එක්ව ජපන් මුහුදු සීමාව ඉලක්ක කර මිසයිල 04 ක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එලෙස එල්ල කර ඇත්තේ අමෙරිකාවේ නිෂ්පාදිත මිසයිලයි. දකුණු කොරියාව විසින් එල්ල කළ මිසයිලයක් අනතුරකට ලක්ව ඇති නමුත් ඉන් කිසිවෙකුටත් හානි සිදුව නොමැති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

කෙසේවෙතත් අමෙරිකාවේ හා දකුණු කොරියාවේ මෙම මිසයිල මෙහෙයුම සම්බන්ධයෙන් උතුරු කොරියාව මෙතෙක් ප්‍රතිචාර දක්වා නැහැ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්