නවතම පුවත්

“මීටත් වඩා අසීරු කාලයක් ඉදිරියේදී ඇති විය හැකියි” – ජනපති (video)

අසංක

අසංක

ගෙවුණු අවුරුදු දෙක තුළදී මෙරට තුළ රුපියල් බිලියන 2300ක් මුද්‍රණය කර ඇති බවත් ඒ හේතුවෙන් මේ වනවිට උද්ධමනය 70% – 75%ට පමණ ඉහළ ගොස් ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

රටේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බවත්, අකමැත්තෙන් වුවද තීරණ ගැනීමට සිදුවන බවත් හෙතෙම කීය.

“මෙවන් පසුබිමක් තුළ මෙම බදු ක්‍රමය අනුගමනය නොකළහොත් අපිට අවශ්‍ය ඉලක්ක කරා ළඟා වීමට නොහැකි විය හැකියි. අපි එකඟ වූ ඉලක්කය වන්නේ 2026 වන විට දළ දේශීය නිෂ්පාදනයෙන් 14.5%ක – 15%ක ආදායමක් ලබා ගැනීමයි. අපි මේ වැඩපිළිවෙළින් ඉවත් වුණොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර අපිට ලැබෙන්නේ නැහැ. ජත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහතිකය ලැබෙන්නේ නැත්නම් ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි ජාත්‍යන්තර මුල්‍ය ආයතනවලත්, සහයෝගය ලබාදෙන අනෙකුත් රටවලත් සහාය අපිට හිමි වන්නේ නැහැ. එහෙම වුණොත් අපිට නැවත පෝලිං යුගයට යන්න වෙනවා.

මීටත් වඩා අසීරු කාලයක් අපට ඉදිරියේදී ඇති විය හැකියි. මෙම ණය ලබාගෙන ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළට අපි යා යුතුයි. අපි මේ කටයුතු කැමැත්තෙන් කරන්නේ නැහැ. අකමැත්තෙන් හෝ අපිට සමහර තීරණ ගන්න සිදු වෙනවා. ඒවගේම එම තීරණ පිළිබඳ අපි විටින් විට සලකා බලනවා.”

වහා පියවර නොගතහොත් රට නැවතත් පෝලිම් යුගයට යනු ඇති බවත් බදු ප්‍රතිපත්තිය පිළිබඳ විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා පැවසීය.

ඔහු පෙන්වා දෙන්නේ රටේ ආදායම වැඩි නොකර ආර්ථිකය ශක්තිමත් කළ නොහැකි බව ය.

අකමැත්තෙන් වුවද, ජාතිය යළි ගොඩනැගීම සඳහා දැඩි තීරණ ගැනීමට සිදුවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

පවතින ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමට රජ‍ය ගෙන ඇති පියවර සහ දැනට ක්‍රියාත්මක කර ඇති බදු සංශෝධන සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ කරන ලද විශේෂ ප්‍රකාශය පහත දැක්වේ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා