නවතම පුවත්

චීනයෙන් ඉන්ධනත් එයි

අසංක

අසංක

නොවැම්බර් මස අග වන විට චීනයෙන් ඩීසල් නැව්ගත කිරීමක් අපේක්ෂා කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසා තිබේ.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අබුඩාබි හි මේ දිනවල පැවත්වෙන අබුඩාබි ජාත්‍යන්තර ඛනිජ තෙල් ප්‍රදර්ශනය සහ සම්මන්ත්‍රණයට (ADIPEC) සමගාමීව විදෙස් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ තම රට ඩුබායි සහ සිංගප්පූරුවේ වෙළඳ සමාගම් හරහා රුසියානු තෙල් මිලදී ගත් නමුත් තවමත් රුසියාවෙන් කෙලින්ම මිලදී නොගත් බවයි.

අබුඩාබි ජාත්‍යන්තර ඛනිජ තෙල් ප්‍රදර්ශනය සහ සම්මන්ත්‍රණය (ADIPEC) 2022 සමුළුවේ දෙවන දිනය අදයි. මෙම සමුළුවේදී ඒ ඒ රටවල බලශක්ති අමාත්‍යවරුන් තම ජාතීන්ට ඇති ප්‍රධාන බලශක්ති ගැටළු එහිදී සාකච්ඡා කළේය.

“ශ්‍රී ලංකාවට මේ ගෙවන්නේ දුෂ්කරම දස වන මාසය. අප බලශක්ති ආනයනයන් අවසන් වී ඇති අතර ඒ හේතුවෙන් අපි දැඩි මූල්‍ය බාධාවන්ට මුහුණ දී සිටිනවා. නමුත් එමගින් අවස්ථාවක් නිර්මාණය කර ඇති අතර, අපි අපගේ නීතිමය සහ ප්‍රතිපත්ති රාමුව සකස් කර ඇත්තේ ඒ අවස්ථාවෙනුයි. පෞද්ගලික සැපයුම්කරුවන්ට ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට බලශක්ති වෙළෙඳපොළට පැමිණීමට අපි ඉඩ සැලසුවා. 2030 වන විට 70/30 ට පුනර්ජනනීය බලශක්තිය භාවිතා කිරීමට අපට දැන් සැලැස්මක් තියෙනවා.” අමාත්‍යවරයා එහිදී කීය.

ADNOCGroup විසින් සත්කාරකත්වය දරන, ADIPEC යනු බලශක්ති කර්මාන්තයේ වෘත්තිකයන්, ආයෝජකයන්, නිෂ්පාදකයින්, ප්‍රතිපත්ති සම්පාදකවරුන් ආදීන් සහභාගී වන ලොව විශාලතම සහ වඩාත්ම බලවත් බලශක්ති රැස්වීම බව පැවසේ.

මෙම වේදිකාව ඉහළ මට්ටමේ බලශක්ති කර්මාන්ත පාර්ශවකරුවන් අතර සංවාදයට පහසුකම් සපයන්නකි.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි