ශ්‍රී ලංකාව හා රුසියාව අතර ගුවන් ගමන් ඉහළට !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාව ඇතුළු මිත්‍ර රටවල් අතර රුසියාව සිදුකරන ගුවන් ගමන්වාර සංඛ්‍යාව ඉහළ දැමීමට පියවරගන්නා ලෙස රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් නියෝග කර තිබේ.

මෙරට රුසියානු තානාපති කාර්යාලය පැවසුවේ රුසියානු ජනාධිපතිවරයා විසින් එරට රජයට මේ සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කර ඇති බවය.

මාස 04කට පසු රුසියාවේ ඒරොෆ්ලොට් ගුවන් සමාගම පසුගිය මස 10 වනදා ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන් ආරම්භ කළ අතර රුසියාවේ විශාලතම පෞද්ගලික ගුවන් සමාගමක් වන අසූර් එයාර් ගුවන් සමාගම ද අද (03) සිට යළි මෙරටට ගුවන් ගමන් ආරම්භ කර තිබේ.

සෑම සතියකම අසූර් එයාර් ගුවන් යානා 07ක් රුසියාවේ නගර 04ක සිට මෙරටට පැමිණීමට නියමිතය.