කොළඹ වරායේ බටහිර පර්යන්තයේ ඉදිකිරීම් අද පෙරවරුවේ ආරම්භ වුණා. ඒ, වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ මෙරට ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදීයි.
එම ව්‍යාපෘතිය සඳහා ආයෝජනය කිරීමට අපේක්ෂිත මුදල අමෙරිකානු ඩොලර් මිලියන 700 ක්. ඉන්දියාවේ අදානි සමූහය, දේශීය හවුල්කරු වන ජෝන් කීල්ස් හෝල්ඩින් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය එක්ව එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා.