නවතම පුවත්

ශ්‍රී ලංකාවේ ජීවත්වීම තවත් දුෂ්කරවේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මෙරට පුද්ගලයෙකුට සිය අවම අවශ්‍යතා පමණක්වත් සපුරා ගැනීමට වැය වන අවම වියදම තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. ඒ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවකට අනුවයි.

ඒ අනුව ඉකුත් සැප්තැම්බර් මාසයේදී මෙරට පුද්ගලයෙකුට සිය අවම අවශ්‍යතා පමණක්වත් සපුරා ගැනීමට වැය වන අවම වියදම දැක්වුණේ රුපියල් 13,772ක් ලෙසයි. ජුලි මාසයේදී රුපියල් 13,138ක් ලෙස සටහන් වූ මෙරට පුද්ගලයෙකුට සිය අවම අවශ්‍යතා සපුරා ගැනීමට වැය වන අවම වියදම අගෝස්තු මාසයේදීද රුපියල් 13,460ක් දක්වා ඉහළ ගියා.

කෙසේවෙතත් ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව දිස්ත්‍රික්ක 7ක අවම වියදම රුපියල් 14,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

කොළඹ දිස්ත්‍රික්කයේ පුද්ගලයෙකුට සිය අවම අවශ්‍යතා සපුරා ගැනීමට වැය වන අවම මුදල රුපියල් 14,854ක්. ගම්පහ දිස්ත්‍රික්කයේ එම අගය රුපියල් 14,777ක් වනවා. කළුතර, නුවරඑළිය, මන්නාරම, පුත්තලම සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල ද මාසික අවම වියදම රුපියල් 14,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

සිය අවම අවශ්‍යතා සපුරා ගැනීමට පුද්ගලයෙකුට අඩු මුදලක් වැය කිරීමට සිදුවන දිස්ත්‍රික්කය වන්නේ මොණරාගල දිස්ත්‍රික්කයේයි. එම අගය රුපියල් 13,168ක්.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා