නවතම පුවත්

ධනුෂ්ක ගුණතිලකට ඇප හිමිවේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ට සිඩ්නි අධිකරණයක් මගින් ඇප ලබාදී තිබේ.

අධිකරණයට ගුණතිලකගේ නීතිඥයින් දන්වා ඇත්තේ සැකකරු ට සහාය වීමට ශ්‍රී ලංකා රජය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපත් වී ඇති බවය.

ඒ අනුව ඩොලර් 150,000ක පුද්ගලික ඇපයක් මත ධනුෂ්ක ව ඇපමත නිදහස් කිරීමට අධිකරණය නියෝගකර තිබේ.

23
Views

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි හි පිහිටි ඩෝව්නින් අධිකරණය විසින් ඇප ලබාදී තිබෙනවා.

ලිංගික අපචාර චෝදනා මත සිර දඬුවම් විදිමින් සිටි ඔහුට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සහ රජයේ සහය හිමිවන බවට අධිකරණය හමුවේ දැනුම් දී ඇති අතර ඔහු වෙනුවෙන් ඩොලර් 150,000 ක ඇපයක් තබන බවට ද දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

මීට අමතරව දෛනිකව පොලිසියට වාර්තා කිරීම, රාත්‍රී 9 සිට උදේ 6 දක්වා පිටතට යෑම තහනම් කිරීම, පැමිණිලිකරු සම්බන්ධ කර නොගැනීම සහ ටින්ඩර් ඇතුළු Dating ජංගම දුරකථන යෙදුම් වලට ප්‍රවේශවීම තහනම් කිරීම ඇතුළු කොන්දේසි මත ‍ඔහුට ඇප නියම කර ඇති බවයි වාර්තා වන්නේ.

31 හැවිරිදි ධනුෂ්ක ව පසුගිය 06 වනදා සිඩ්නි පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගැනුණි.

ඒ 29-හැවිරිදි තරුණියක් කළ පැමිණිල්ලකට අනුවය.

එහිදී අය සඳහන් කර තිබුණේ ධනුෂ්ක විසින් තමාව “තම කැමැත්ත නොමැතිව” සිව් වතාවක් ලිංගික අපයෝජනයට ලක්කළ බවය.

එම සිදුවීම සිදුකර තිබුණේ නොවැම්බර් 02 වනදා, එම තරුණියගේ නිවසේදී බව අධිකරණයේදී හෙළිවිය.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි