නවතම පුවත්

බැංකු පොලී ඉහළ දැමීමෙන් පීඩාවට පත් වූ ගණුදෙනුකරුවන්ට සහන.

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ලබාගත් ණය සදහා බැංකු පොලී අනුපාත ඉහළ දැමීම හේතුවෙන් පීඩාවට පත්වූවන්ට සහන සැලසීමට බැංකුවලට උපදෙස් ලබා දී ඇති බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. එලෙස අපහසුතාවට පත්වූ ගණුදෙනුකරුවන්ට බැංකුව සමග සාකච්ඡා කර සහනයක් ලබා ගත හැකි බවයි මහ බැංකු අධිපතිවරයා පැවසුවේ.

මුදල් රාජ්‍ය අමාත්‍යවරුන් වන රංජිත් සියඹලාපිටිය සහ ශෙහාන් සේමසිංහගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවති මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී මහබැංකු අධිපතිවරයා මේ බව පැවසුවා.

පොලී අනුපාතිකය වැඩිවීම නිසා ඇතැම් ණය හිමියන්ගේ මුලු වැටුපම ණය වාරික සදහා ගෙවීමට සිදුව ඇති බවයි මන්ත්‍රීවරුන් එහිදී පෙන්වා දී ඇත්තේ. ඊට ප්‍රතිචාර දක්වමින් මහබැංකු අධිපතිවරයා පැවසුවේ ගනුදෙනුකරුවන්ට බැංකුව සමග සාකච්ඡා කර යම් සහන කාලයක් සදහා අදාළ පොලිය පමණක් ගෙවීමට හැකි බවයි.

ඒ පිළිබදව බැංකුවලට උපදෙස් මේ වන විට ලබා දී ඇති බවද මහබැංකු අධිපතිවරයා මන්ත්‍රීවරුන් හමුවේ ප්‍රකාශ කළ බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ.

samitha
සමිත දුලාන්ගෙන් ලෝක වාර්තාවක්
inflation
උද්ධමනය ඉහළ ගිහින්
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !