සංචාරක වීසාවලට ගිහින් ඕමානයේ රැකියා සොයා වංචාවලට හසුවූ කතුන්

Picture of අසංක

අසංක

ගෘහ සේවය සඳහා ගොස් පීඩාවන්ට සහ අඩන්තේට්ටම්වලට ලක්ව දැනට ඕමානයේ සිරවී සිටින කාන්තාවන් 90 දෙනකු පමණ ශ්‍රී ලංකාවට පැමිණීමට සහාය අපේක්ෂාවෙන් පසුවන බව වාර්තා වේ.

ඔවුන් එරට අගනුවර වන මස්කට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් සහාය ඉල්ලා ඇති බව සඳහන් ය.

සිටින කාන්තාවන් විවිධ අඩන්තේට්ටම් සහ පීඩාවන්ට ලක්වීමේ සිද්ධි පිළිබඳව නිරන්තරයෙන් තමන්ට පැමිණිලි ලැබෙන බව එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසා ඇත.

එසේ ලැබෙන පැමිණිලිවලින් වැඩි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ තාවකාලික සහ සංචාරක වීසා මත එරටට ගොස් රැකියා සඳහා යොමුවූ කාන්තාවගෙනි.

එම කාන්තාවන් ජාවාරම්කරුවන් සහ වංචනිකයන්ට රැවටී ලියාපදිංචි නොවී ඕමානයට ගොස් ඇත.

ඔවුන් ශ්‍රී ලංකා විදේශ නියුක්ති කාර්යාංශයේ වියදමින් ආරක්‍ෂිත ස්ථානයක නවතා සිටින බවත් විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේය.

මේ වනවිට මෙරට කාන්තාවන් 240 දෙනෙක් පමණ නැවත මෙරට එවා ඇති බවත් අදාළ නිවේදනයේ සඳහන් ය.