නොවැම්බරයේ මුල් දින 15ට සංචාරකයින් 27,000 ක් ඇවිත්

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

2022 නොවැම්බර් මාසයේ මුල් දින 15 තුළ දී මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 27,213 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

මෙම දින 15 තුළ දී වැඩිම සංචාරක පිරිසක් පැමිණ ඇත්තේ රුසියාවෙන් වන අතර එම ප්‍රමාණය 6,701 කි. මීට අමතරව ඉන්දියාව (4,404), එක්සත් රාජධානිය (2,257), ජර්මනිය (1,924), ඕස්ට්‍රේලියාව (1,371) හා කැනඩාව (1,008) යන රටවලින් වැඩි සංචාරකයින් පිරිසක් මෙම දෙසතිය තුළ පැමිණ තිබේ.

මේ අනුව 2022 වසරේ නොවැම්බර් 15 දින දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති මුළු සංචාරකයින් ප්‍රමාණය 595,471 ක් වේ.