ශ්‍රී ලංකා රුපියලට ලෝකයේම හිමිවූ තැන මෙන්න

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ලොව ඉහළම මුදල් අවදානමක් ඇති මුදල් ඒකක 07 අතරට ශ්‍රී ලංකා රුපියල අයත් වන බව නොමුරා මූල්‍ය සමාගම අනතුරු අඟවා තිබෙනවා.

නොමුරා මූල්‍ය සමාගම යනු ජපානයේ ඉහළම තැරැව්කාර සහ ආයෝජන බැංකුව වේ.

ශ්‍රී ලංකා 44 අමතරව ඊජිප්තුව, රුමේනියාව, තුර්කිය, චෙක් ජනරජය, පාකිස්තානය සහ හංගේරියාව යන රටවල එම මුදල් ඒකකවල අර්බුදයක් හට ගැනීමේ ඉහළ අවදානමක් ඇති බව එම බැංකුව පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් එම රටවල්වලට නොමුරා මූල්‍ය සමගම අනතුරු අඟවා ඇත.

නොමුරා මූල්‍ය සමාගම,රටක මුදල් ඒකක අර්බුදයක් ඇති විය හැකි දැයි තීරණය කිරීම සඳහා නිර්මාණය කර ඇති ආකෘතිය සකස් කිරීම සඳහා රටක විදේශ විනිමය, විදේශ සංචිත, පොලී අනුපාත ඇතුළුව කරුණු 8 සැලකිල්ලට ගෙන තිබේ.