නවතම පුවත්

විදුලි බිල වැඩිවෙන්නේ දේශපාලන බලපෑම් නිසාද ?

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මෙරට විදුලි බිල සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමේදී දත්ත මත පදනම් නොවී දේශපාලන හේතු මුල් කරගනිමින් කටයුතු කිරීම වත්මන් විදුලි අර්බුදයට ප්‍රධාන හේතුවක් බව බලශක්ති විශේෂඥ ආචාර්ය තිලක් සියඹලාපිටිය පවසනවා.

ඔහු කියා සිටියේ දේශපාලන බලපෑම් මත 2014 වසරෙන් පසු වසරකට දෙවතාවක් විදුලි බිල සංශෝධනය නොකිරීම හේතුවෙන් විදුලි බල මණ්ඩලයේ පාඩුව ඉහළ ගොස් ඇති බවයි.

විදුලි බල මණ්ඩලයේ පාඩුව පියවා ගැනීමට විදුලි බිල සියයට 70කින් වැඩි කළ යුතු බවට එම මණ්ඩලය මේ වන විටත් ප්‍රකාශ කර අවසන්. විදුලි බල මණ්ඩලය මෙතරම් පාඩු ලැබුවේ ඇයි? මේ, නෙත් නිවුස් කළ විමසීමකට ප්‍රතිචාර දැක්වූ බලශක්ති විශේෂඥ ආචාර්ය තිලක් සියඹලාපිටිය.
ලබන ජනවාරි සහ ජුනි මාස වලදී විදුලි බිල ඉහළ දැමීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව මේ වන විටත් අනාවරණ වී තිබෙනවා. ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවකගේ සභාපතීත්වයෙන් යුත් ආර්ථික ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හදුනාගැනීම සදහා වන ජාතික සභා අනුකමිටු රැස් වූ අවස්ථාවේදීයි.

විදුලි බිල වැඩි කිරීම සදහා මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතියට අදාළ කටයුතු සිදු කිරීමට නියමිත බවයි විදුලි බල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරි රොහාන් සෙනෙවිරත්න එහිදී ප්‍රකාශ කර ඇත්තේ.

දැනට පවතින පාඩුව පියවා ගැනීමට විදුලි බිල සියයට 70කින් පමණ වැඩි විය යුතු බවයි විදුලි බල මණ්ඩලයේ නියෝජිතයින් එහිදී පෙන්වා දී ඇත්තේ. මේ වන විට විදුලි බල මණ්ඩලය විවිධ පාර්ශවයන්ට ගෙවිය යුතු මුදල රුපියල් බිලියන 650කට ආසන්න වන බවද මෙහිදී අනාවරණ වී තිබෙනවා.

කෙසේවෙතත් විදුලි බිල සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියක් අවශ්‍ය නොවන බවයි බලශක්ති විශේෂඥ ආචාර්ය තිලක් සියඹලාපිටිය පෙන්වා දුන්නේ.


දේශපාලන තීන්දු මත රැදී නොසිට දත්ත මත පදනම්ව විදුලි බිල අඩු කිරීම හෝ වැඩි කිරීම සම්බන්ධයෙන් අදාළ පාර්ශ්ව තීරණ ගත යුතු බවයි බලශක්ති විශේෂඥ ආචාර්ය තිලක් සියඹලාපිටිය වැඩිදුරටත් පැවසුවේ
මෙවන් පසුබිමක ලබන වසරේ විදුලි බිල වැඩි කිරීමට අනුමැතිය ලබානොදෙන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව ද පවසනවා. විදුලි බිල වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වීම සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකදී එම කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මේ බව ප්‍රකාශ කළා.

මේ සම්බන්ධයෙන් විශ්ලේෂනාත්මක සාකච්ඡාවක් අද බැලුම්ගල වැඩසටහනින් සිදු කෙරෙනවා. ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් අනතුරුව ඔබට එම වැඩසටහන ශ්‍රවණය කළ හැකියි.

මේ අතර දකුණු සහ ඇල්ල සංචාරක කලාපවල අද සිට රාත්‍රී කාලයේ විදුලි කප්පාදුවෙන් නිදහස් කරන බව විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර පැවසුවා. දිවයින පුරා දිවා කාලයේ පැයක විදුලි කප්පාදුව සහ අනෙකුත් ප්‍රදේශවල රාත්‍රී කාලයේ පැයයි විනාඩි විස්සක විදුලි කප්පාදුව දෙසැම්බර් 15 වනදා දක්වා ක්‍රියාත්මක බවයි ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සදහන් කළේ.

මේ අතර දෙසැම්බර් නත්තල් සහ අලුත් අවුරුදු සමයේ විදුලි කප්පාදුවක් සිදු නොකරන බවද විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර වැඩිදුරටත් සදහන් කළා.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි