ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම වෙනුවෙන් චීන රජය හෝ මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය කටයුතු නොකළහොත් ශ්‍රී ලංකාව තුළ “ChinaGoHome” ව්‍යාපාරයක් කඩිනමින් දියත් කරන බව මඩකලපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රාසමාණික්කම් මහතා අද අනතුරු අඟවා තිබේ.
අද (02) පාර්ලිමේන්තුව අමතමින් ඔහු වැඩිදුරටත් කියාසිටියේ තමා ඊට නායකත්වය දෙන බවත් ය.
චීනය ශ්‍රී ලංකාවේ සැබෑ මිතුරකු නම් මෙරටට සහය වීමට අවශ්‍ය නම් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟ විය යුතු බව මන්ත්‍රීවරයා අවධාරණය කරයි.
“චීනය කියන්නේ ඩොලර් ට්‍රිලියන 20ක ආර්ථිකයක් තියෙන රටක්. රටක් වශයෙන් අපි එයාලට ණයවෙලා තියෙන්නේ බිලියන 7.4ක්. චීනය ඇත්තටම ලංකාවේ යාළුවා නම් එක්කෝ මේ ණය කපන්න ඔ්න. අපි මේ ණය මුළුමනින්ම කපාහරින්න කියන්නෙත් නෑ. අපි මේ ණය ප්‍රතිව්‍යුහගත කරන්න කියලා ඉල්ලන්නේ. ඒකට හරි උදව් කරන්න… I would like to warn the Chinese, there will be a ‘china go home’ soon & I will Lead it.”
ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධ ණයහිමියන්ගේ එකඟතා ගැටලු හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡා ඇනහිට ඇති බවට අදහස් දැක්වීම අතරතුර මන්ත්‍රීවරයා මේ බව කියාසිටියේ ය.