නවතම පුවත්

ගෙවුණු මාස දහයේ , දෙලක්‍ෂ පනස්දහසක් රට රැකියාවලට ගිහින් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

2022 ඔක්තෝබර් මාසය තුළ දී 28,473 ක ප්‍රමාණයක් රැකියා සඳහා විදෙස්ගත වී ඇති බව වාර්තා වේ. මෙයින් 11,399 ක් නුපුහුණු ශ්‍රමිකයින් වන අතර, පුහුණු ශ්‍රමිකයින් 7,887 ක් සහ ගෘහ සේවා සඳහා 6,165 ක්ද ඒ අතර වේ.

ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ 2022 ඔක්තෝබර් මාසය තුළ වාර්තා වන විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 355 ක් බවයි.

මේ අතර 2022 වසරේ ජනවාරි – ඔක්තෝබර් කාලපරිච්ඡේදය තුල දී 251,151 ක පිරිසක් රැකියා සඳහා විදෙස් ගත වී ඇති බව මහ බැංකුව නිකුත් කළ අදාළ වාර්තාවෙහි වැඩිදුරටත් සඳහන් වේ.

මහ බැංකුව පවසන්නේ මෙය වසංගත සමයට පෙර වාර්ෂිකව රැකියා සඳහා විදෙස්ගත වූ ප්‍රමාණය ඉක්මවා යාමක් බවයි.

2022 ජනවාරි – ඔක්තෝබර් කාලය තුළ දී ලැබී ඇති සමස්ත විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 2,929 කි. 2021 වසරේ දී අදාළ කාලපරිච්ඡේදය සඳහා මෙම වටිනාකම ඩොලර් මිලියන 4,895 ක් ලෙසින් වාර්තා වී තිබුණි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා