වැට් – ආදායම් පනත්වලින් වැඩිවූ බදු ජනවාරියේ සිට

Picture of අසංක

අසංක

දේශීය ආදයම් සංශෝධන පනත් කෙටුම්පත හා එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය.

එම පනත්වලට අදාළ නියෝග ලබන ජනවාරි පළමු වනදා සිට ක්‍රියාත්මකයි.

එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වුණේ පක්ෂව ඡන්ද 82ක් හා විපක්ෂව ඡන්ද සංඛ්‍යාව 41 ක් ලබාගනිමිනි.

දේශීය ආදායම් බදු සංශෝධන පනත් කෙටුම්පත ද වැඩි ඡන්ද 43 කින් සම්මත වුණේ ඊට පක්ෂව ඡන්ද 79 ක් හා විපක්ෂව ඡන්ද 36 ක් හිමිකරගනිමිනි.

ඒ අනුව අද සම්මත කරගත් නව එකතු කළ අගය මත බදු පනත් සංශෝධනයට අනුව මහල් නිවාස මිලදී ගැනීමේදී 15%ක වැට් බද්දක් එය පළමු වර මිලදී ගන්නා පුද්ගලයින් විසින් ගෙවිය යුතුය.

මෙතෙක් පැවති රුපියල් මිලියන 300ක වාර්ෂික පිරිවැටුමකට අය කෙරුණු 15%ක් වූ වැට් බද්ද වාර්ෂිකව රුපියල් මිලියන 80ක පිරිවැටුමක් ලබන ව්‍යාපාරවලට ද අදාළ කෙරේ.

අද සම්මත වූ දේශීය ආදයම් පනත් කෙටුම්පතේ සංශෝධනයට අනුව වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 12 ඉක්මවන පුද්ගලයින් ආදායම් බදු ගෙවීමට යටත් වෙයි.