ආදායමට වඩා තවමත් රටේ වියදම අධිකයි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේ මූල්‍ය තත්ත්වය තවමත් දරුණ මට්ටමක පවතින බව මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන පවසනවා. අද පැවති උත්සවයකට එක් වෙමින් ලේකම්වරයා පැවසුවේ රාජ්‍ය සේවකයින්ගේ සහ විශ්‍රාමිකයින්ගේ මාසික වැටුප් ගෙවීම සහ සමාජ සුබසාධන පවත්වාගෙන යාමට රජයේ මාසික ආදායම තවමත් ප්‍රමාණවත් නොවන බවයි.

රාජ්‍ය ආදායම රුපියල් බිලියන 145ක මට්ටමක පවතිද්දී අත්‍යාවශ්‍ය වියදම් සඳහා පමණක් රුපියල් බිලියන 154ක් වැය වන බවයි මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන පැවසුවේ.

රාජ්‍ය ආදායම වැඩි කර ගත්තද රාජ්‍ය වියදම එක්වර අඩු කර ගැනීමට නොහැකි බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

මුදල් අමාත්‍යාංශයේ අද මෙම සාකච්ඡාව පැවැත්වුණේ රාජ්‍ය ආදායම් වැඩිකර ගැනීම සඳහා ජනවාරි මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන නව බදු ප්‍රතිපත්ති පිළිබඳ පැහැදිලි කිරීමටයි. මෙම අවස්ථාවට මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටියද එක්ව සිටියා.

radioneth cuts · SIYABALAPITIYA 04
බදු වැඩි කිරීම හැර මේ මොහොතේ කිසිදු වෙනත් විකල්පයක් නොමැති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ