මිනිසුන්ගේ බල තණ්හාව නිසා පීඩාවට පත්වෙන්නේ දරුවන් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ලොවපුරා කිතුනු බැතිමතුන් ප්‍රීතියෙන් සමරන අසිරිමත් නත්තල ඊයේ (24) මැදියම් රැයේ උදාවුණි.

ලොව ප්‍රධානම නත්තල් දේව මෙහෙය පැවැත්වුණේ ලොව පුරා කිතුනු බැතිමතුන්ගේ ශුද්ධ නගරය ලෙස සැලකෙන වතිකානයේ ශාන්ත පීතර බැසිලිකා දේවස්ථානයේදීය.

එහිදී අතිඋතුම් ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පාප්වහන්සේ පෙන්වා දුන්නේ ලොව පුරා යුද ගැටුම්, දිළිඳුකම හා අයුක්තිය හේතුවෙන් සියල්ලටම වඩා පීඩාවට පත් වන්නේ දරුවන් බවය.

“අපේ ලෝකයේ මිනිසුන් ධනය හා බලය සඳහා කෑදරකමින් තම සමීපතමයින් පවා විනාශ කරනවා. නමුත් සතුන්වත් එලෙස හැසිරෙන්නේ නැහැ. මානව ගරුත්වයට සහ නිදහසට නිසි තැන හිමි වන්නේ නැහැ. මිනිසුන්ගේ මේ තණ්හාවෙන් සෑම විටම පීඩාවට පත්වෙන්නේ දුර්වලයන්. මුදලට, බලයට සහ සැප සම්පත්වලට කෑදර ලෝකයේ කුඩා දරුවන්ට, දුප්පතුන් සහ අසරණයන්ට ඉඩක් නැහැ. මම හිතන්නේ යුද්ධයෙන්, දුප්පත්කමෙන් සහ අයුක්තියෙන් සියල්ලටම වඩා පීඩාවට පත්වන්නේ දරුවන්.”

මරිය මව්තුමියට හා ජුසේ තුමන්ට දාව බෙත්ලෙහෙමේ ගවලෙනකදී මීට වසර 2022කට පෙර සිදු වූ ජේසු බිළිඳාගේ උපත සමස්ත මානව වර්ගයාගේ අධ්‍යාත්මික ගමන්මඟ ඒකාලෝක කළ බව කිතුනු දහමේ පිළිගැනීමය.

මෙරට ප්‍රධාන නත්තල් දින දේව මෙහෙය පන්නිපිටිය ක්‍රිස්තුරාජාණන්ගේ දේවස්ථානයේදි ඊයේ මැදියම් රැයේ පැවැත්වුණේ කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙනි