නවතම පුවත්

LPL ශූරතාවය නැවතත් යාපනයට !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ලංකා ප්‍රිමියර්ලීග් ශූරතාව අඛණ්ඩව තුනවන වරටත් දිනා ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. ඒ, කලම්බු ස්ටාර් කණ්ඩායම සමඟ පැවති තරඟය කඩුලු දෙකකින් ජය ගනිමින්.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් කලම්බු ස්ටාර් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 163 ක් රැස් කළා. දිනේෂ් චන්දිමාල් ලකුණු 49යි. රවි බොපාරා නොදැවී ලකුණු 47ක් රැස් කළා. පන්දු යැවීමේදී තිසර පෙරේරා, බිනුර ප්‍රනාන්දු, මහේෂ් තීක්ෂණ සහ දුනිත් වෙල්ලාලගේ එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

ලකුණු 164ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම කඩුලු 8ක් දැවී තරඟය ජය ගනු ලැබුවේ තවත් පන්දු 4ක් ඉතිරිව තිබියදීයි.

අවිශ්ක ප්‍රනාන්දු පන්දු 43ක් තුළ ලකුණු 50ක් රැස් කිරීමට සමත් වුණා. සදීර සමරවික්‍රම ලකුණු 44 යි. පන්දු 27කට මුහුණ දුන් ඔහුගේ ඉනිමට එක් හයේ පහරක් සහ හතරේ පහර 6ක් ඇතුළත් වුණා.

රහමුල්ලාහ් ගුර්බාස් ලකුණු 36ක් රැස් කළා. පන්දු යැවීමේදී සුරංග ලක්මාල් කඩුලු 3ක් දවා ගත්තා. තරඟයේ වීරයා සම්මානය දිනා ගත්තේ අවිශ්ක ප්‍රනාන්දුයි. සදීර සමරවික්‍රම තරඟාවලියේ වීරයාට හිමි සම්මානය දිනා ගත්තා.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා