ශ්‍රී ලංකාවේ මැණික් හා ආභරණ අපනයන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන DHS Gem & Jewellery පෞද්ගලික සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ දේශමාන්‍ය මහාචාර්ය ආචාර්ය දුමින්ද ද සිල්වා මහතා Lanka Business Awards (LBA) සම්මාන උළෙලේදී මැණික් හා ආභරණ කාණ්ඩයේ වසරේ විශිෂ්ටතම ව්‍යවසායකයාට හිමි සම්මානයෙන් පිදුම් ලැබීය. Business Word International Organization (BWIO) සංවිධානය කළ LBA සම්මාන උළෙල කොළඹ ග්රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. එහිදී DHS Gem & Jewellery පෞද්ගලික සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ දේශමාන්‍ය මහාචාර්ය ආචාර්ය දුමින්ද ද සිල්වා මහතා වෙත සම්මාන, කුසලාන සහ පදක්කම් පිරිනමන ලදී.
—සමාගමක් හැටියට අපි සෑම විටම පාරිභෝගික විශ්වාසය දිනාගැනීම කෙරෙහි විශාල අවධානයක් යොමු කරනවා. එය අප සිදු කරන්නේ අපගේ වෘත්තීයභාවය සහ පාරිභෝගික අවශ්‍යතාවලට අවධානය යොමු කිරීමෙන්. අපගේ පාරිභෝගිකයන් බොහෝ දෙනෙක් අප සමඟ දිගින් දිගටම ගනුදෙනු කිරීම ඉතා කෙටි කාලයක් තුළ අප දිගු ගමනක් පැමිණීමට ප්‍රධාන හේතුවයි. කොවිඩ් වසංගතය දැඩිව පැවති කාලයේත් අපි අඛණ්ඩව මැණික් අපනයනය කරමින් රටට අත්‍යවශ්‍ය විදේශ විනිමය රැගෙන ආවා.” හිටපු ශ්‍රී ලංකා දුර පැනීමේ ශූරයෙකු සහ ජාත්‍යන්තර පදක්කම් ලාභියෙකු වන දේශමාන්‍ය මහාචාර්ය ආචාර්ය දුමින්ද ද සිල්වා මහතා පැවසීය. 2006 වසරේදී ඇරඹූ DHS Gem & Jewellery පෞද්ගලික සමාගම වර්තමානයේදී රටවල් 12කට වඩා වැඩි ගණනකට මැණික් අපනයනය කරයි. සමාගමේ අරමුණ වන්නේ ශ්‍රී ලාංකාවේ මැණික් මෙන්ම සමස්ත රටම ජාත්‍යන්තර තලයේ ප්‍රවර්ධනය කිරීම සහ රටට අවශ්‍ය විදේශ විනිමය ගෙන ඒමයි. සමාගමේ ශාඛා දෙකක් දඹුල්ලේ සහ කොළඹ ස්ථාපිත කර ඇති අතර DHS Gem & Jewellery පෞද්ගලික සාමාගම ශ්‍රී ලංකාවේ මැණික් ප්‍රවර්ධනය කිරීම සඳහා ලොව පුරා මැණික් ප්‍රදර්ශන සඳහා නිරන්තරයෙන් සහභාගී වේ. DHS Gem & Jewellery පෞද්ගලික සමාගම ලබන වසරේදී ඇමරිකා එක්සත් ජනපදයේ
නවතම පුවත්
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
ශ්‍රී ලංකාව තුල, ප්‍රතිපත්තිමය වෙනස්කම් සිදුකිරීම සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත් විය යුතු බව මහාචාර්ය...
13 May 2024
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මඟපෙන්වීම මත ක්‍රියාත්මක DIGIECON-2023 ව්‍යාපෘතියට සමගාමීව පවත්වනු...
11 May 2024
රටේ ණය බර තවත් ඉහළට !
2023 වසර අවසානය වන විට ශ්‍රී ලංකාවේ මධ්‍යම රජය විසින් නොපිය වූ මුළු ණය ප්‍රමාණය රු. බිලියන 28,695.95...
06 May 2024
මේ උණුසුම අවදානම් !
දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අද (06) දිනයේදී “දැඩි අවධානය” යොමුකළ යුතු මට්ටමක් දක්වා...
06 May 2024
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
අද (24) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 77.50 ක ඉහළ යාමක් වාර්තා කළේය. ඒ අනුව...
24 April 2024
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණු...
24 April 2024
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය මීට සුළු වේලාවකට පෙර ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ සහ ජනාධිපති...
24 April 2024
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
අධිකරණ බන්ධනාගාර සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා...
22 April 2024
වසරේ විශිෂ්ටතම ව්‍යවසායකයා ලෙස DHS Gem & Jewellery සම්මාන දිනයි!
- December 27, 2022
- 8:30 pm
පැතුම් වික්‍රමරත්න
No posts found