නවතම පුවත්

සිසුන් තිදෙනෙකුට අමානුෂික ලෙස පහර දුන් ජර්මානු විදුහල්පතිනිය අත්අඩංගුවට

අසංක

අසංක

පාසලේ ජල කරාමයක් කඩා දැමුවේ යැයි කියා සිසුන් තිදෙනෙකුට අමානුෂික ලෙස පහරදුන් බව කියන රන්තොටුවිල පිහිටි අර්ධ රාජ්‍ය පාසලක ජර්මන් ජාතික විදුහල්පතිනියක් අත්අඩංගුවට ගැනීමට ඌරගස්මන්හංදිය පොලීසිය විමර්ශනයක් ආරම්භකර තිබේ.

මෙම පහරදීම සිදුව ඇත්තේ පසුගිය 11 වෙනිදා බව පොලීසිය කියයි.

මේ සම්බන්ධයෙන් දරුවන්ගේ දෙමාපියන් පොලීසියට පැමිණීලිකර ඇත්තේ ඊයේ (12) ය.

ජරමන් ජාතික විදුහල්පතිනිය විසින් පහරදුන්නේ යැයි කියන දරුවන් දෙදෙනා ගෝනදුව රෝහලට ඇතුලත්කර ඇති අතර ඒ අය ඊයේ (13) දිනයේත් ප්‍රතිකාර ලබමින් සිටියේය.

ඉංගිරියේ සහ මොරන්තුඩුවේ පදිංචි අවුරුදු 10,14 සහ 12 යන දරුවන් තිදෙනෙක් මෙසේ රෝහල්ගතව සිටින බව පොලීසිය කියයි.

මෙම දරුවන්ට විදුහල්පතිනිය විසින් කෝටුවකින් පහරදුන් බව පැමිණිල්ලෙහි සඳහන් වේ.

මෙම පාසලේ දරුවන්ට අධ්‍යාපනය ලබාදෙන්නේ නොමිලයේ බව පොලීසිය සඳහන් කළේය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා