නවතම පුවත්

ශ්‍රී ලංකාව ලැබූ නින්දිතම පරාජයත් ඉන්දියාවෙන්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

එක්දින ඉතිහාසයේ වැඩිම ලකණු ප්‍රමාණයකින් පරාජයට පත්වූ කණ්ඩායම ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වාර්තා අතරට එක්විය. ඒ ඉන්දියාව සමගින් පැවැති තෙවැනි හා අවසන් එක්දින තරගයේදී ලකුණු 317ක දැවැන්ත පරාජයක් ලබමිනි.

මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම කඩුලු 5ට ලකුණු 390ක් රැස්කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ  ලකුණු 73ක් පමණි.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ විරාත් කෝලි තරගාවලියේ දෙවැනි ශතකය වාර්තා කළේ නොදැවී ලකුණු 166ක් රැස්කරමිනි.

ඊට අමතරව සුබ්‍රමනියම් ගිල් ලකුණු 116ක් රැස්කළේය. පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයෙක් රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වූ ලකුණු 19 රැස්කළේ නවක ක්‍රිඩක නුවනිදු ප්‍රනාන්දුය.

නායක දසුන් ශානක ලකුණු 11ක් හා කසුන් රාජිත නොදැවී ලකුණු 13ක් රැස්කළ අතර වෙනත් කිසිම ක්‍රිඩකයෙකුට ඉලක්කම් දෙකක ලකුණු සංඛ්‍යාවකට යාමට නොහැකි විය.

මෙම තරගයේදී අශේන් බණ්ඩාර තරගයේදී සිදුවූ අනතුරක් හේතුවෙන් පන්දුවට පහරදීමට පිටියට නොපිවිසියේය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා