නවතම පුවත්

ජනපති මන්දිරය අත්පත් කරගන්න ගිහින් තුවාල වූ අරගලකරුවකු මියයයි

අසංක

අසංක

කොළඹ කොටුව ජනාධිපති මන්දිරය අත්පත්කර ගැනීමට පසුගිය ජුලි 09 වෙනිදා ගිය අවස්ථාවේදී තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අරගලකරුවෙක් ඊයේ (05) මියගොස් ඇත.

මාතර , දෙවිනුවර , වැල්ලමඩම , රුහුණු සරසවි පෙදෙසේ පදිංචිව සිටි ඩබ්ලිව්. ඩී.එල්. ජයසේන (59) නැමැති අය මෙසේ මියගොස් තිබේ.

මෙම පුද්ගලයා යුද හමුදා කමාන්ඩෝ බලකායේ සේවය කර විශ්‍රාම ගොස් සිටින අයෙක් අයෙකි.

ජූලි 09 වෙනිදා කොටුව ජනාධිපති මන්දිරය අත්පත්කර ගැනීමට යාමේදී ආරක්ෂක පවුරු බිද දමා ඉදිරියට ගමන් කළ අරගලකරුවන් අතර ඉදිරියෙන්ම මෙම පුද්ගලයා රැදී සිට ඇති බව පොලීසියට කියයි. එහිදී ඔහු අනතුරකට ලක්ව හිසට දරුණු ලෙස තුවාල සිදුවී රෝහල් ගත කරනු ලැබූ බව පොලීසිය කියයි.

එහිදී හිස් කබලේ සිදුකල ශල්‍යකර්මයකින් පසු රෝහලින් පිටව ගොස් ඇති බවත් නැවත ඔහු දෙසැම්බර් 19 වෙනිදා ඇති වුණු සංකූලතා හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුලත්ව ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවත් පොලීසිය කියයි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා