නවතම පුවත්

23 වරටත් පැවැත් වූ සණස නෙළුම් මල් පූජාව

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සණස ව්යාපාරය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන නෙලුම් මල් හා කිරි ආහාර පූජාවේ 23 වැන්න මෙවරත් අනුරාධපුර රුවන්වැලි මහා සෑයේදි හා ජය ශ්රී මහා බෝධීන් වහන්සේ පරිශ්රයේදී පැවැත්වුණි.

සණස මහා සංගමයේ මූලිකත්වයෙන් සියලු ලක්වාසීන්ට සෙත්පතා වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම පුණ්ය කර්මයට මෙවර රාජාංගනය යාය 06 /07 සණස සමිතිය ප්රමුඛ අනෙකුත් සණස සමිති දායකත්වය සැපයීය.

ආඬිගල රාජමහා විහාරවාසී රාජාංගනය ශ්රී විද්යාජෝති පිරිවෙනේ නියෝජ්ය පරිවෙණාධිපති රාජකීය පණ්ඩිත කොත්මලේ චන්දානන්ද හිමිගේ සහා උතුරු මධ්යම දිසාවේ නුවරගම් පළාතේ ප්රධාන සංඝනායක, අනුරාධපුර දිස්ත්රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේඛාධිකාරි, අනුරාධපුර, වව්නියා, මුලතිව් දිස්ත්රික් කෘත්යාධිකාරී පරිවේණාධිපති සංගමයේ ගරු ලේඛකාධිකාරී, ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ ශ්රී ලංකා ශාඛාවේ පරිපාලන ලේඛාධිකාරී, තලාව ශ්රී ඥානෝදය මහා පිරිවෙන පරිවෙණාධිපති රාජකීය පණ්ඩිත ගෞරව ශාස්ත්රවේදී අධ්යාපන ඩිප්ලෝමාධාරී සද්ධර්ම කීර්ති ශ්රී වාචිස්සර පූජ්ය මැණික්හින්නේ ධිරානන්දාභිධාන නායක ස්ථවිරයන්ගේ ප්රධානත්වයෙන් මෙම පුණ්යෝත්සවය පැවැතුණි.

ඉකුත් 7 වන දින ජය ශ්රී මහා බෝ සමිඳුන් අබියස නෙලුම් මල් පූජාවෙන් ආරම්භ වී 8 වන දින රුවන්වැලි මහ සෑරදුන් උදෙසා කිරි ආහාර පූජාවන් සහ අභයගිරිය දානමය පිංකමෙන් අවසන් කෙරුණු මෙම පුණ්යෝත්සවය සඳහා දිවයිනේ නන්දෙසින් විශාල පිරිසක් සහභාගි වී සිටියහ. සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් ආයතනය මගින් බැතිමතුන් උදෙසා සිසිල් පැන් දන්සලක් ද මීට සමගාමීව සංවිධානය කර තිබුණි. ඒ සඳහා දායකත්වය දැක්වූ සියලු දෙනාට සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් කම්පැනි ලිමිටඩ් විසින් විශේෂ ස්තූතිය පුද කර සිටී.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි