භූ කම්පනය නිසා තුර්කියේ සහ සිරියාවේ මිය ගිය ගණන 25,000 ඉක්මවයි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ප්‍රභල භූ කම්පන තත්ත්වයක් හමුවේ බලපෑමට ලක්වූ තුර්කියේ සහ සිරියාවේ මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව මේවනවිට 25,000 ඉක්මවා තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ තුර්කියෙන් මරණ 24,000 ඉක්මවා වාර්තා වන අතර සිරියාවෙන් මරණ 3,300 ක් පමණ වාර්තා වන බවයි.

දින 05 ක් පුරා ක්‍රියාත්මක ජීවිතාරක්ෂක මෙහෙයුම් තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක අතර විනාශ වී ගිය ගොඩනැගිලිවල සුන්බුන් අතර සිරවී සිටින පිරිස් මේවනවිටත් මුදා ගනිමින් සිටිනවා. එලෙස මුදාගැනෙන පිරිස් අතර කුඩා ළමුන් ද වන බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

කෙසේවෙතත් ඇතැම් විදෙස් මාධ්‍ය පැවසුවේ භූ කම්පනය නිසා විනාශ වී ගිය තුර්කියේ ඇතැම් ප්‍රදේශවල මේවනවිට දැඩි දුර්ගන්ධයක් පවතින බවයි. එහෙත් එවැනි බාධා හෝ අයහපත් කාලගුණික තත්ත්වයන් පවා නොතකා දෙස් විදෙස් සහන කණ්ඩායම් එක්ව සුන්බුන් අතර සිරවී සිටින පිරිස් සොයා අඛණ්ඩව මෙහෙයුම් දියත් කර තිබෙනවා.

මේ අතර භූ කම්පනය හේතුවෙන් සිරියාවේ මිලියන 05 කට අධික පිරිසකට වාසස්ථාන අහිමි විය හැකි බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය අනාවරණ කර තිබෙනවා.