නවතම පුවත්

පාසල් සිසුන්ට මත්වෙන පෙති විකිණූ දොස්තර අත්අඩංගුවට

අසංක

අසංක

වේදනා නාශක ඖෂධයක් පාසල් සිසුන් ඇතුළු මත්ද්‍රව්‍ය ලෝලීන්ට මත්වීමට අලෙවි කිරීමේ ජාවාරමක නිරතව සිටි බදුල්ල රෝහලේ සේවයේ නිරතව සිටින වෛද්‍යවරයෙකුව පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ රාත්‍රී කාලයේදී අත්අඩංගුවට ගත්තේය.

මෙම වෛද්‍යවරයා විසින් වේදනා නාශක ඖෂධයක් මත්වීමට අලෙවි කිරීමේ ජාවාරමක නිරතව සිටින බවට විශේෂ කාර්ය බලකා පස්සර කදවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව දීර්ඝ විමර්ශනයකින් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇත්තේ විශේෂ කාර්ය බලකා නිලධාරීයෙක් ජාවාරම්කරුවෙක් ලෙස පෙනී සිටිමින් මෙම වෛද්‍යවරයාට වේදනා නාශක කරල් තොගයක් සම්බන්ධයෙන් ඇනවුමක් ලබාදී ඒ අනුව මත්පෙති රැගෙන විත් ලබාදෙන අවස්ථාවේදීය. මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත්තේ බදුල්ලේ මුතියංගන විහාරස්ථානය ආසන්නයේදීය.

මෙහිදී මෙම වෛද්‍යවරයා සිය මෝටර් රථයේ දමාගෙන මෙම කරල් 145ක් රැගෙන විත් ඇති බව පොලීසිය කියයි. මෙම එක් කරලක් ඔහු විසින් අලෙවිකර ඇත්තේ රුපියල් 250ක් වැනි මිලකටය. මෙම කරලක් වෛද්‍ය නිර්දේශ මත ඔසුහල් වලින් අලෙවිකරනුයේ රුපියල් 35-40ත් අතර මිලකටය.

මෙම වෛද්‍යවරයා බදුල්ල මයිලගස්තැන්නේ පදිංචිකරුවෙකි. 43 හැවිරිදි ඔහු කාලයක් තිස්සේ මෙම ජාවාරමේ නිරතව සිටින බවත් පාසල් සිසුන් වැඩි වහයෙන් ඔහුගෙන් මෙම කරල් මත්වෙන්න ලබාගන්නා බවත් විමර්ශන වලින් පෙනී ගොස් ඇත. ඒ හැරුණු කොට මෙම කරල් රාත්‍රී සේවයේ නිරතව සිටින පුද්ගලයින් මෙන්ම මත්කුඩු ලෝලීන් මත්කුඩු සඳහා විකල්පයක් ලෙසද මෙම කරල් වර්ගය භාවිතාකරන බව විමර්ශන වලින් පෙනී ගොස් ඇත.

මෙම වෛද්‍යවරයා බදුල්ල කණුපැලැල්ලේ වෛද්‍ය මධ්‍යස්ථානයක්ද පත්වාගෙන යන බවත් එහි එන අයටද මෙම මත්කරල් අලෙවිකර ඇති බවත් වැඩිදුර විමර්ශන වලින් පෙනී ගොස් ඇත.

අධිකරණමට කටයුතු සඳහා මෙම වෛද්‍යවරයාව බදුල්ල පොලීසියට භාරදීමට පියවර ගත් බව විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.

විශේෂ කාර්ය බලකාය පස්සර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකායේ සේනාවිධායක නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරී දයාරත්න මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය පස්සර කඳවුරේ දෙවන කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ඩී.ආර්.එම්.එස්. හේමවංශ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම කර තිබේ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා