නවතම පුවත්

ජ’පුර සරසවියේ වැලන්ටයින් සාදය ගැටුමකින් අහවරයි

අසංක

අසංක

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කලා අංශයේත් සිසුන් හා කළමනාකරණ අංශයේත් සිසුන් පිරිසක් අතර ආදරවන්තයින්ගේ දිනය වෛනුවෙන් පැවති සාදයක් අවසානයේදී අද අලුයම ගැටුමක් බවට පත්ව ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරනු ලබන්නේ මෙම ගැටුම සම්බන්ධයෙන් 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරකට අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායමක් එහි ගොස් තත්වය සමථයකට පත් කර සිසුන් නේවාසිකාගාරය වෙත යොමු කිරීමට පියවර ගත් බවය.

එහෙත් නැවතත් අලුයම 2.00ට පමණ නැවත නේවාසිකාගාරවලින් පිටතට පැමිණි සිසුන් ශාස්ත්‍ර පීඨය ඉදිරිපිට රැස්වී ගල්, වීදුරුබෝතල්, යකඩ පොලු හා මුගුරු රැගෙන දෙපාර්ශවයේ සිසුන් ඇණකොටාගෙන ඇති බවද පොලීසිය කියයි.

මෙහිදී පහරකෑමට ලක්වූ සිසුවෙකු තුවාල ලබා කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබන අතර සිසුන් කිහිප දෙනෙක්ම ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

මෙම ගැටුමෙන් ශාස්ත්‍ර පීඨයේ ගේට්ටුවට සහ ගොඩනැගිල්ලේ ජනේල් කිහිපයකට හානි සිදුවී ඇති බවද පොලීසිය කියයි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා