ප්‍රමාණවත් මුදල් ප්‍රතිපාදන හා අනෙකුත් පහසුකම් නොලැබීම හේතුවෙන් පොරොන්දු වූ පරිදි පලාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට නොහැකි වී ඇති බව මැතිවරණ කොමිසම අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දීමක් කර තිබේ.
කොමිසම පෙන්වා දී ඇත්තේ මැතිවරණය පැවැත්වීමට නොහැකි වන ලෙස එම කටයුතුවලට බාධා පැමිණ තිබෙන බව ය.
නියමිත පරිදි පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා බවට මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට මැතිවරණ කොමිසම විසින් ප්‍රතිඥාවක් ලබාදී තිබුණි.
එම ප්‍රතිඥාව ඉටු කිරීමට අපහසු තත්ත්වයක් උද්ගතව තිබෙන බව මැතිවරණ කොමිසම අධිකරණයට පෙන්වා දී තිබේ.
ලබන 09 වැනිදා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණි.