ජාතික ලොතරැයි මණ්ඩලයට රුපියල් මිලියන 15ක වංචාවක් කළ ව්‍යාපාරිකයෙකුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (23) අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරලැස්ගමු දිවුල්පිටියේ පදිංචි 38 හැවිරිදි ව්‍යාපාරියෙකුවය.
ජාතික ලොතරැයි මණ්ඩලයේ අලෙවි ප්‍රවර්ධනය සම්බන්ධයෙන් 2014 වසරේ රුපියල් 64,679,925ක පමණ වටිනාකමකින් යුක්ත දැන්වීම් පුවරු 150ක ව්‍යාපෘතියක් සිදුකරමින් මෙම වංචාව ජාතික ලොතරැයි මණ්ඩලයට කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.