නවතම පුවත්

රෝයල් නර්සිං හෝම් සේවකයන්ට දේශීයව නිපදවූ සෙනාරෝ GN125 මෝටර් බයිසිකල් 100ක්!

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

දිවයිනේ විශාලම සෞඛ්‍ය සේවා ආයතනය වන සී/ස රෝයල් නර්සිං හෝම් පෞද්ගලික සමාගමේ සේවයේ නියුතු සේවකයන් 800 දෙනා අතරින් වසර දහයකට වැඩි සේවා කාලයක් සහිත සේවකයන් 100 දෙනෙකුට පහසුවෙන් හා ලාභදායී ලෙස රාජකාරි හා පෞද්ගලික ගමන්වල නිරත වීම සඳහා ආයතනයේ වියදමින් SENARO GN125 මෝටර් බයිසිකල් 100ක් පිරිනමන ලදී.

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කළ 35%ක් අමතර කොටස් සහිතව එකලස් කළ SENARO GN125 මෝටර් බයිසිකලය හඳුන්වා දීමේ උත්සවය පසුගියදා කොළඹ සිනමන් ලේක් සයිඩ් හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වුණු අතර එදිනම රෝයල් නර්සිං හෝම් පෞද්ගලික සමාගමේ සභාපති මනුජ හේවාවසම් මහතා විසින් මෝටර් බයිසිකල් 100ක් මිල දී ගන්නා ලදී.

SENARO GN125 මෝටර් බයිසිකලය හඳුන්වා දීමේ උත්සවය සඳහා සෙනාරෝ මෝටර්ස් සභාපති රෝෂණ වඩුගේ, කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සහ අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍ය විජයදාස රාජපක්ෂ යන මහත්වරු එක් වූහ. එහිදී රෝයල් නර්සිං හෝම් ආයතනයේ සභාපති මනුජ හේවාවසම් මහතා මාධ්‍ය අමතමින් ප්‍රකාශ කළේ දේශීය ආර්ථිකය නංවාලීමට හා දේශීය කර්මාන්ත දිරි ගැන්වීමට වසර තුනකට වැඩි කාලයක වගකීම් සහතිකයක් පිරිනමන SENARO GN125 මෝටර් බයිසිකලය වැනි උසස් දේශීය නිෂ්පාදන මිල දී ගැනීම සෑම ශ්‍රී ලාංකිකයෙකුගේම වගකීමක් බවයි.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි