නවතම පුවත්

අත්‍යාවශ්‍ය දේවල් ගෙන්වන්න ලෝක බැංකුවෙන් ඩොලර් මි.400ක්

අසංක

අසංක

ආහාර, බෙහෙත් සහ පොහොර ඇතුළු අත්‍යවශ්‍ය ආනයනවලට අරමුදල් සැපයීම සඳහා ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 400 ක මුදල් හුවමාරු පහසුකමක් ලබා දෙන බව ලෝක බැංකුව පවසයි.

ලෝක බැංකුවේ ආයෝජන අංශය වන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) මේ බව ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රේෂණ සහ අපනයනවලින් 30% කට වැඩි ප්‍රමාණයක් සමඟ කටයුතු කරන පුද්ගලික බැංකු තුනකට මෙම අරමුදල් සැපයීමේ පහසුකම ලැබෙනු ඇතැයි IFC අද නිවේදනයක් නිකුත් කර තිබේ.

“මෙම මූල්‍යකරණය මඟින් ආයෝජක ප්‍රජාව තුළ විශ්වාසය ඉහළ නැංවීමටත්, ශ්‍රී ලංකා ආර්ථිකයට සහාය වීම සඳහා නැවුම් ප්‍රාග්ධන ගලා ඒම ආකර්ෂණය කර ගැනීමටත් අපි අපේක්ෂා කරමු.” යැයි දකුණු ආසියාව සඳහා වන මූල්‍ය ආයතන සමූහයේ, IFC හි මුල්‍ය කොටස් කළමණාකරු ජූන් යං පාර්ක් පැවසීය.

ලෝක බැංකු දත්තවලට අනුව මෙරට ආර්ථිකය 2022 දී 9.2% කින් හැකිලෙනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත.

එය 2023 දී තවත් 4.2% කින් හැකිලෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා