නවතම පුවත්

ව්‍යාපෘතියකට ගෙනා චීන කඹ තොගයක් සොරු අරන්

අසංක

අසංක

ලක්ෂපාන බලාගාරයේ සිට බලංගොඩ දක්වා නව විදුලිය සම්ප්‍රේෂණ මාර්ගයක් සකස් කිරීමේ ව්‍යාපෘතියක විදුලි රැහැන් ඇදීමට යොදා ගන්නා චීනයේ නිෂ්පාදින රුපියල් ලක්ෂ 22කට අධික වටිනාකමක් ඇති නයිලෝන් කඹ 07ක් සොරා ගැනීමක් සම්බන්ධයෙන් සිරිපාගම පොලීසිය විමර්ශනයක් ආරම්භකර තිබේ.

මෙම නයිලෝන් කඹ 07 කිලෝ මීටර් හතරහාමාරක් පමණ දිග බව පොලීසිය කියයි.

මෙම සොරකම ගැන පොලීසියට ඊයේ (28) පැමිණිලිකර ඇත්තේ එම විදුලි සම්ප්‍රේෂණ ව්‍යාපෘතියේ තාක්ෂණ නිලධාරී විසිනි.

මෙසේ සොරාගෙන ගොස් ඇත්තේ මාපලාන සිට නිල්වල දක්වා මෙම සම්ප්‍රේෂණ ව්‍යාපෘතියේ ඉදිකිරීම් සිදුකරන ස්ථානයේ තිබූ නයිලෝන් කඹ බව මේ සම්බන්ධයෙන් පැමිණිලිකර ඇති විදුලි සම්ප්‍රේෂණ තාක්ෂණ නිලධාරියා පොලීසියට පවසා ඇත.

අධිබලැති විදුලි රැහැන් කණුවල එල්ලා සිරකර ඇදීම සඳහා මෙම නයිලෝන් කඹ යොදාගන්නා බව පොලීසිය කියයි. මාපලානේ සිට නිල්වල දක්වා කුළුණු පහක ඇද තිබුණු නයිලෝන් කඹ 07ක් මෙසේ සොරාගෙන ගොස් ඇති බවද තාක්ෂණ නිලධාරියා වැඩිදුරටක් පොලීසියට කර ඇති පැමිණිල්ලෙහි සඳහන් කරතිබේ.

මෙම නයිලෝන් කඹ සොරාගෙන ඇත්තේ පිටස්තර පුද්ගලයින් පිරිසක්ද එසේත් නොමැතිනම් මෙම ව්‍යාපෘතියටම සම්බන්ධ පිරිසක්ද යන්න පිළිබදව විමර්ශන පැවැත්වෙන බවත් වැඩිකල් නොගොස් මෙම සොරකමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිවනු ඇති බවත් පොලීසිය විශ්වාස කරයි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා