නවතම පුවත්

මඩේ එරුණු අලියකු මරුට

අසංක

අසංක

කරුවලගස්වැව පෙරයවිල්ලුව වැව් ඉස්මත්තේ අවුරුදු 35ක් පමණ වයසැති වන අලියෙක් මඩේ එරී මියගොස් සිටියදී ඊයේ (02) හමුවී තිබේ.

මෙම වන අලියා අඩි 09ක් පමණ උසැති සතෙක් බව කරුවලගස්වැව පොලීසියේ නිලධාරියෙක් සදහන් කළේය.

අලියා මඩේ එරී ඉදිරිපස වම් පාදය පපු ප්‍රදේශයට සිරවී ඇතිවුණු දැඩි තෙරපීමකින් ස්වසන පද්ධතියේ සිදුවූ අවහිරයකින් මෙම අලි මරණය සිදුව ඇති බව වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරු විසින් නිගමනය කළ බව ද පොලීසිය සඳහන් කළේය.

මෙම වන අලියා මඩේ එරී ඇත්තේ පසුගිය 01 වෙනිදා රාත්‍රී කාලයත් 02 වෙනිදා අලුයම් කාලයත් අතර බව පොලීසිය සැකකරයි. අලියාව උදෑසන කාලයේ හමුවන විටත් මියගොස් සිටි බව කරුවලගස්වැව පොලීසියේ උසස් නිලධාරීයෙක් සදහන් කළේය

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා