නවතම පුවත්

ලංකාවේ නිෂ්පාදිත ‘වේගා’ සුපිරි කාරය ලියාපදිංචි කෙරේ

අසංක

අසංක

ශ්‍රී ලංකාවේ චැසි අංකයක් සහිත ‘වේගා’ විදුලි මෝටර් රථය, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර තිබේ.

මෙම සුපිරි විදුලි මෝටර් රථය වේගා ඉනොවේෂන්ස් සමාගම විසින් මෙරට දී 2015 දී නිෂ්පාදනය කරන ලදී.

එහෙත් ඒ සඳහා ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචිය හිමිවූයේ අද දිනයේ ය.

‘වේගා’ (Vega EVX Supercar) ලෙස නම්කර ඇති මෙම කාර් රථයේ ‘චැසිය’ ඇතුළු සියලුම කොටස් ශ්‍රී ලංකාවේ නිෂ්පාදන කරන ලදී.

ආචාර්ය හර්ෂ සුභසිංහ මහතා විසින් එම රථය නිෂ්පාදනය කර තිබේ.

ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ යන මහත්වරු විසින් හර්ෂ සුභසිංහ මහතා එම මෝටර් රථයේ අංක තහඩුව එම දෙපාර්තමේන්තු පාරිශ්‍රයේදී නිල වශයෙන් අද (3) පෙරවරුවේ භාරදුන්හ.

මේ අනුව ඉදිරියේදී වේගා මෝටර් රථ වාණිජ මට්ටමින් නිෂ්පාදනය සිදුකිරීමට අපේක්ෂා කරයි.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි