නවතම පුවත්

සහෝදරයන්ගේ සංග්‍රාමයේ එක්දින ජය තර්ස්ටන් විදුහලට

අසංක

අසංක

හතළිස් තුන්වැනි වතාවට පැවැති සහෝදරයන්ගේ සංග්‍රාමයේ එක්දින තරගයේ ජයග්‍රහණය ලබා ගැනීමට කොළඹ තර්ස්ටන් විද්‍යාලය සමත් විය.

මෙම තරගය ඊයේ දිනයේ දී කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

තරගයේ කාසියේ වාසිය දිනු තර්ස්ටන් විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට ඉසිපතන විද්‍යාලයට ආරාධනා කළේය. ඒ අනුව නියමිත පන්දුවාර 50 අවසානයේ ඔවුන් කඩුලු 9ක් දැවී ලකුණු 203 ලබා ගත්තේය.

ඉසිපතන විද්‍යාලය වෙනුවෙන් තරුෂ්ක අෂෙල් ලකුණු 44(65) සහ තේමිය ගුණරත්න නොදැවී ලකුණු 44(58) ලබාගත්තේය.

ඉසිපතන ඉනිම අඩාල කළ තනුග පලිහවඩන සහ අසිම් මොහොමඩ කඩුලු 2 බැගින් දවාගත් අතර, විශ්ව තේමික හා කවිඳු ප්‍රභාත් එක් කඩුල්ල බැගින් දවා ගත්හ.

ලකුණු 204 ඉලක්කයක් හඹා ගිය තර්ස්ටන් පිළ පන්දුවාර 43.5 ක දී කඩුලු 6ක් දැවී සිය ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්හ.

තර්ස්ටන් පිළ වෙනුවෙන් විශ්ව තෙව්මික වැඩිම ලකුණු ලාභියා විය.

ඔහු පන්දු හතළිස් හයක දී ලකුණුණු 44ක් ලබාගත්තේය. තර්ස්ටන් පිළ වෙනුවෙන් තනුජ රාජපක්ෂ 34(51),ශානික්‍ය දේශප්‍රිය 34(37) සහ තේනුක දේවප්‍රිය 32(58) ලබා ගත්හ.

ඉසිපතන විද්‍යාලය 203/9 (50)
තර්ස්ටන් විද්‍යාලය 204/6 (43.5)

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා