ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ (සිපෙට්කෝ) ඉන්ධන අලෙවිය පසුගිය මාස 13 තුළ දී පහළ ගොස් ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ 2022 ජනවාරි මස අලෙවිය, 2023 ජනවාරි මස අලෙවිය සමඟ සංසදනය කිරීමේ දී මේ බව නිරීක්ෂණය වන බවයි.
ඒ අනුව ලංකා ඔටෝ ඩීසල් අලෙවිය 50%කින්, පෙට්‍රල් අලෙවිය 30%කින් සහ භූමිතෙල් අලෙවිය 70% කින් අඩු වී ඇති බව අමාත්‍යවරයා කියාසිටී.