නවතම පුවත්

දින 5කට පසු වැඩ ඇරඹූ CSE දර්ශක ඉහළ යයි

අසංක

අසංක

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සුවිශේෂී ඉහළ යාමක් අද (04) දිනයේ දී වාර්තා වී තිබේ.

අද එහි කටයුතු යළි ආරම්භ වී තිබුණේ අඛණ්ඩ දින 5 ක විරාමයකින් පසුව ය.

මෙරට බැංකු පද්ධතියට ගෙවුණු දීර්ඝ සති අන්තය අළලා එක් දිනක අතිරේක නිවාඩුවක් රජය විසින් ප්‍රකාශයට පත්කරන ලද අතර ඒ අනුව දින 5 ක දීර්ඝ විරාමයක් සියලු බැංකු වෙත හිමි වූ අතර ට සමගාමීව කොළඹ කොටස් වෙළෙඳපොළට ද දින 5 ක විරාමයක් හිමිවිය

ඒ දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලිය අවසන් කිරීම සඳහායි.

අද යළි ක්‍රියාත්මක වූ කොළඹ කොටස් වෙළඳපොළ ලැයිස්තුගත බැංකු සහ මූල්‍ය සමාගම් සියල්ලකගේම පාහේ කොටස් මිල ගණන් අද දින කැපීපෙනෙන ලෙස ඉහළ යන ලදී.

කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය අද (04) දින ගනුදෙනු අතරවාරයේ දී ඒකක 10,000 සීමාව ඉක්මවීය.

අද මධ්‍යහ්න පසු වී කෙටි වේලාවක් ගතවෙද්දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 10,000 සීමාව පසුකර ගියේය.

ඒ වන විට ඒකක 559,28 කින් සියලු කොටස් මිල දර්ශකය ඉහළ ගොස් තිබු අතර එ වනවිට සටහන් වී තිබුණු ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 4.23 ඉක්මවා තිබේ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා