නවතම පුවත්

හම්බන්තොටට නව සංවර්ධන සැලසුමක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ප්‍රධාන වර්ධන කේන්ද්‍රයන් සඳහා විසල් හම්බන්තොට ප්‍රාදේශීය ආකෘති සැලසුමක් සහ සවිස්තරාත්මක ප්‍රධාන සැලසුමක් පිළියෙල කිරීම පිණිස උපදේශක සේවා ලබා ගැනීමේ කාර්යය සර්බානා ජුරොංග් (පෞද්ගලික) සමාගම වෙත පැවරීමට 2018-06-26 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇති නමුත් එකී තීරණය පරිදි මෙතෙක් කටයුතු කර නොමැත.

හම්බන්තොට දිස්ත්‍රික්කය සංවර්ධනය කිරීමේ කටයුතු සඳහා ප්‍රමුඛතාව ලබා දීමට රජය විසින් තීරණය කර ඇති අතර, කොළඹ නගරය හා බස්නාහිර පළාත සංවර්ධනය කිරීමට සහ නැගෙනහිර පළාත් උපයාමාර්ගික සංචාරක කලාපය සංවර්ධනය කිරීම සඳහා වන ප්‍රධාන සැලසුම් සකස් කිරීමේ වගකීම පවරා ඇති සර්බානා ජුරොංග් (පෞද්ගලික) සමාගම වෙතම හම්බන්තොට දිස්ත්‍රික්කය සංවර්ධනය සඳහා ප්‍රධාන සැලසුම සකස් කිරීමේ කාර්යය පැවරීම වඩාත් යෝග්‍ය බවට හඳුනාගනු ලැබ ඇත.

ඒ අනුව, එම කාර්යය සර්බානා ජුරොංග් (පෞද්ගලික) සමාගම වෙත පැවරීම පිණිස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා